කුකුල් මස් සහ බිත්තර තොග මිල වේගයෙන් පහළට

සාමාන්‍ය තත්ත්වයේ කුකුල් මස් කිලෝවක තොග මිල රුපියල් හයසියය දක්වා පහත වැටී තිබෙන අතර, බිත්තරයක තොග මිල රුපියල් 28ත් රුපියල් 29ත් දක්වා පහත වැටී තිබේ.

එහෙත් ඇතැම් ප්‍රදේශවල කුකුල් මස් කිලෝවක සිල්ලර මිල රුපියල් 900ත් රුපියල් 1100ත් අතර මිලක පවතින බව ජනතාව සඳහන් කරති.

මීට අමතරව ඇතැම් ප්‍රදේශවල බිත්තරයක් රුපියල් හතළිහක මිලකට අලෙවි කරමින් තිබෙන අතර, කුඩා ප්‍රමාණයේ බිත්තරයක් රුපියල් 32ත් රුපියල් 35ත් අතර මුදලකට අලෙවි කරමින් තිබේ.

දෛනික ඉල්ලුම ඉක්මවා කුකුල් මස් ලැබීම නිසා රුපියල් හත්සියයත් අටසියයත් අතර තොග මිලකට අලෙවි වූ කුකුල් මස් කිලෝවක මිල රුපියල් හයසියයක් දක්වා මේ වන විට පහත වැටී තිබෙන බවද තොග වෙළඳුන් සඳහන් කරති. 

දෛනික බිත්තර ඉල්ලුම ඉක්මවා බිත්තර තොග ලැබීම නිසා සුදු පැහැති බිත්තරයක තොග මිල රුපියල් 28ක් දක්වාත්, දුඹුරු පැහැති බිත්තරයක තොග මිල රුපියල් 29ක් දක්වාත් පහත වැටී තිබෙන බවද බිත්තර තොග වෙළඳුන් පෙන්වා දෙති. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *