කුකුල් මස් කිලෝවක මිල රුපියල් 45 කින් වැඩි කරයි

කුකුල් මස් කිලෝවක මිල රුපියල් 45කින් ඉහළ දැමීමට කටයුතු කර ඇති බව ජාතික පාරිභෝගික පෙරමුණ පවසනවා.

එහි සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කළේ, උත්සව සමය ඉලක්ක කරගනිමින් මෙම කූට ක්‍රියාව සිදු කරන බවයි.

ඒ අනුව කුකුල් මස් කිලෝවක මිල රුපියල් 1255ක් දක්වා ඉහළ යනු ඇති.

කුකුල් ගොවිපොළෙහි කිලෝවක මිල රුපියල් 30කින් ඉහළ දමා ඇති බව ද අසේල සම්පත් මහතා පෙන්වා දෙනවා.

ශීත කළ කුකුල් මස් කිලෝවක් රුපියල් 1200කට අලෙවි කෙරෙනවා. ඊයේ දින රුපියල් 990ක් දක්වා මිල අඩු වූ කරි චිකන්වල මිල වෙනස් වී නැහැ.

සත්ත්ව ආහාර මිල අඩු කර ඇති පසුබිමක මෙලෙස මස් මිල ඉහළ දැමීම අසාධාරණයක් බවයි, ඔහු අවධාරණය කළේ.

දේශීය බිත්තරයක් නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ රුපියල් 36කට අලෙවි කරන බව ජාතික පාරිභෝගික පෙරමුණ සඳහන් කළා.

මේ අතර එළුමස් කිලෝවක් රුපියල් 3300කටත් හරක් මස් කිලෝවක් 2400කටත් අලෙවි කෙරෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *