සිසුන්ට පහරදුන් ටියුෂන් ගුරා අත්අඩංගුවට ගැනීමට පොලිසිය වැඩ අරඹයි

සිය උපකාරක පන්තිවලට සහභාගි වන සිසුන්ට පහරදුන් ගුරුවරයාට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට අද (11) පැමිණෙන ලෙස ඉල්ලීමක් කළ ද ඔහු එය මඟ හැර ඇති බව එම අධිකාරිය පවසනවා.

ඒ හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි එම අධිකාරිය සඳහන් කළේ.

මෙම ගුරුවරයා නුගේගොඩ සහ ගම්පහ ප්‍රදේශවල උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු වන අතර, ඔහු පන්තියට සහභාගී වූ සිසුවෙකුට සිසුවියක් ලවා පහර දෙන ආකාරය ඇතුළත් වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වූවා.

කෙසේ වෙතත්, පොලිසිය සඳහන් කළේ මේ වනවිටත් ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු සුදානම් කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *