දරුවන්ට කන්න දෙන්න ක්‍රමයක් නැතුව පියා වස බොයි – සමෘද්ධියත් කපලා

තිස්සමහරාම රන්මුදුගම ප්‍රදේශයේ දරුවන් දෙදෙනකු සහ බිරිඳ සමග ජීවත් වන වයස අවුරුදු 73 ක පුද්ගලයකු තම පවුලට ආහාර සපයා ගැනීමට නොහැකිව වස පානය කිරීම නිසා රෝහල්ගත කර ඇත.

තම පවුල දින කිහිපයක් වේලක් ඇර වේලක් මඤ්ඤොක්කා ආහාරයට ගෙන සිටි බවත් දරුවන්ට කන්න දෙන්න විදියක් නැතුව මට ජීවත් වෙලා වැඩක් නෑ යනුවෙන් සැමියා හඬමින් සිට ඇති බවත් ඔහුගේ බිරිඳ කීවාය.

එකවර බිම ඇදගෙන වැටී වමන කරමින් සිටි තම ස්වාමිපුරුෂයා වස පානය කරගෙන ඇති බව දැනගෙන සුවසැරිය ගිලන් රථය ගෙන්වා රෝහල්ගත කිරීමට කටයුතු කළ බවද ඇය සඳහන් කළාය.

මේ පිළිබඳව සොයා බැලීම සඳහා ගිය අවස්ථාවේ ප්‍රදේශයේ සමෘද්ධි නිලධාරියා එම ස්ථානයට පැමිණ සිටියේය. එම නිලධාරියා බිරිඳගෙන් විමසා සිටියේ සමෘද්ධිය නැද්ද යන්නයි. ඇය සඳහන් කළේ මීට වසරකට පෙර සමෘද්ධිය කපා ඇති බවයි. ඒ වෙනුවට අස්වැසුම ලබාදීමට කටයුතු කරන බවත් එම නිලධාරියා සඳහන් කළද මෙතෙක් කිසිදු දීමනාවක් නොලැබුණු බව ඇය සඳහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *