කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව තියෙන ළමුන් පාසල් නොයවන ලෙස වෛද්‍යවරු දැනුම් දෙයි

පවතින අඛණ්ඩ වර්ෂාපතනයත් සමඟ ළමුන් අතර හතිය රෝගය වැළදීම ඉහළ ගොස් තිබෙනවා.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ සමඟ හතිය රෝගය ළමුන්ට වැළදෙන බවයි.

නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම තුළින් එම රෝගී තත්ත්වයෙන් ළමුන් ආරක්ෂා කර ගැනීමට හැකියාව පවතින බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළා.

කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් ළමුන් පාසල් නොයවන ලෙස ද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *