කොළඹ-නුවර-ගාල්ල අතර ධාවනයට චීනයෙන් විදුලි බස් රථ 100ක් – ස්මාට් ක්ලාස් රෑම් 900කුත් දෙයි

විදුලියෙන් ධාවනය වන බස් රථ සියයක් ශ්‍රී ලංකා රජයට පරිත්‍යාග කරන බව මෙරට චීන තානාපතිවරයා පවසා තිබේ.

මෙම බස් රථ කොළඹ-මහනුවර සහ කොළඹ-ගාල්ල අතර ධාවනය වනු ඇත.

මීට අමතරව, අධ්‍යාපනය ගුණාත්මකව ඉහළ නැංවීම සදහා, පාසල් පන්සියයකට ස්මාර්ට් පන්ති කාමර නමසියයක් මේ වසර තුළ ඉදිකර දෙන බව ද තානාපතිවරයා පවසයි.

පාසල් දරුවන්ට නොමිලයේ නිල ඇදුම් බෙදා දීමේ වැඩ සටහන සමග සම්බන්ධ වී සිටින චීන රජය, මේ වසරේදීත් ඒ සදහා රෙදි මීටර් මිලියන 14 ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *