ලොකු ලුණු කිලෝව රුපියල් 100ටත් විකුණන්න බැරි වෙයි

ඉන්දියාවෙන් ලොකු ලූනු තොග විශාල වශයෙන් ආනයනය කිරීම නිසා චීන ලූනු සඳහා ඉල්ලුම අඩුවීමෙන් ඒවා තොග පිටින් ඉවත් කිරීමට සිදුවී ඇතැයි පිටකොටුව වෙළෙඳුන් කියා සිටිති.

පසුගිය දිනවල චීන ලොකු ලූනු කිලෝවක් රුපියල් 300 කට අලෙවි කෙරුණු අතර, මේ දිනවල චීන ලොකු ලූනු කිලෝව රුපියල් 100 කටවත් විකුණාගත නොහැකි බවද ඔවුන් පවසති. නෙදර්ලන්තයෙන් ආනයනය කරන ලද ලොකු ලූනු කිලෝ දෙකක්ම අලෙවි කෙරෙන්නේ රුපියල් 100 කටය.

ඉන්දියානු ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 150 ත් 250 ත් අතර මිලක් දක්වා අඩුවී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *