සමාගම් 77 ක නියෝජිතයන් 115 දෙනෙක්ද රැගෙන චීන වාණිජ කටයුතු ඇමති මැයි 30 ට පෙර දිවයින

චීන වාණිජ කටයුතු අමාත්‍ය වැන්ග් වෙන්ටාඕ මහතා නුදුරේදීම දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

මෙම සංචාරය සදහා එතුමා සමඟ චීනයේ සුප්‍රසිද්ධ සමාගම් 77 ක නියෝජිතයන් 115 දෙනෙකුද පැමිණීමට නියමිත ය.

ලංකා වාණිජ මණ්ඩලය, මැයි තිස් වන දා කොළඹ දී පැවැත්වීමට සූදානම් කර තිබෙන ව්‍යාපාරික සමුළුවකටද මෙම පිරිස සහභාගී වනු ඇතැයි පැවසේ.

දෙරට අතර ව්‍යාපාරික සබදතා ශක්තිමත් කර ගැනීම සහ නව ව්‍යාපාරික සහ ආයෝජන අවස්ථා හදුනා ගැනීම පිළිබදව මෙම සංචාරයේ දී චීන නියෝජිතයන් අවධානය යොමු කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *