චීන ආණ්ඩුව මුස්ලිම් පල්ලි ස්තූප බවට හරවලා – ජාත්‍යන්තරය චෝදනා කරයි

චීනය තුල මුස්ලිම් පල්ලි වසා දැමීම සහ විනාශ කිරීම් ඉහල ගොස් ඇති බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ප්‍රකාශ කළා.

මෙය ඉස්ලාම් පිලිවෙත මර්ධනය කීරීමේ චීන රජයේ ක්‍රමානුකූල වැඩසටහනේ කොටසක් බවයි එම සංවිධානය සඳහන් කලේ.

මුස්ලිම්වරුන් මිලියන 20 පමණ චීනයේ ජීවත් වන අතර ඉන් බහුතරයක් වාසය කරන්නේ වයඹ දිග ප්‍රදේශයේයි. 2018 සහ 2020 අතර කාල සීමාවේ එම ප්‍රදේශවල ඇතැම් මුස්ලිම් පල්ලිවල ගෝලාකාර ස්වභාවය වෙනස් කර ස්තූප බවට පත් කර ඇති බවයි ක්ෂමා සංවිධානය කියා සිටියේ.

කෙසේ වෙතත් එම චෝදනාව චීනය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *