චීනයේ නිපදවන ස්මාර්ට්ෆෝන් සහ පරිගනකවලට පැනවූ බදු ජනාධිපති ට්‍රම්ප් ඉවත් කරයි


එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය චීන භාණ්ඩ සඳහා පැනවූ 125% ක තීරුබදුවලින් භාණ්ඩ කිහිපයක් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ස්මාර්ට්ෆෝන් සහ පරිගණක ඔහුගේ අන්‍යෝන්‍ය තීරුබදු වලින් නිදහස් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම නිශ්පාදන බොහොමයක් චීනයේ නිපදවා ඇති බැවින් ඒවායේ මිල අහස උසට නැඟිය හැකි බවට එක්සත් ජනපද තාක්ෂණික සමාගම්වල කනස්සල්ලෙන් පසුව මෙම පියවර ගෙන තිබෙනවා.

බදු නිදහස් කිරීම්වලට අර්ධ සන්නායක, සූර්ය කෝෂ සහ මෙමරි කාඩ්පත් ඇතුළු අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපාංග සහ සංරචක ද ඇතුළත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *