මෙරට චීන තානාපති ජනපති අනුර හමු වෙයි – අප්‍රේල් මැද ඉන්ධන නැවක් ලංකාවට එවන බව දැනුම් දෙයි

මෙරට චීන තානාපති චී ෂෙන්හොන් ඊයේ (සෙනසුරාදා) දිනයේ දී ජනපති අනුර කුමාර දිසානායක මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමු වී ස්ථාවර ඉන්ධන සැපයුමක් පවත්වාගෙන යාමට ලංකාට සහාය දෙන බව තහවුරු කර තිබේ.

ඒ අනුව, චීනයෙන් නැව් ගත කරන පළමු ඉන්ධන නැව අප්‍රේල් මැද භාගයේ දී ලංකාවට ලැබීමට නියමිත බව අද වෙළදපොලට නිකුත්ව තිබෙන සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

මෙය, සිනොපෙක් පිරවුම්හල් ජාලය වෙත ලබා දීමට නියමිත ස්ථාවර ඉන්ධන සැපයුමට අතිරේකව ලබා දෙන ඉන්ධන තොගයකි.

මෙරට ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව, රුසියාව සහ චීනය යන රටවලින් උදව් ඉල්ලා ඇති අතර, එකී රටවල් තුනම ලංකාවට උදව් කිරීමට සූදානමින් සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *