කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස්කොට වෙනත් පාර්ශ්වයකට අලෙවි කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මග හරිමින් සිටින බව වාර්තා වේ.
මෙම ඉඩම් ගනුදෙනුව සම්බන්ධයෙන් මීට පෙර හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තුන් දෙනෙක-ු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් ලබන 17 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.