වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට සහ ඔහුගේ ප්‍රජා සම්බන්ධතා නිලධාරීවරයාට එල්ල වූ අපහාසාත්මක සහ අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් ෆේස්බුක් (Facebook) පරිශීලකයින් 10 දෙනෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඇමතිවරයාට අපහාස වන පරිදි සංස්කරණය කරන ලද ඡායාරූප සහ අසත්‍ය ප්රවෘත්ති සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් අමාත්‍යාංශය විසින් CID වෙත පැමිණිල්ලක් ගොනු කර ඇත.
මෙම අසත්‍ය තොරතුරු පතුරුවා හරින පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.