කොළඹ බේරේ වැව පරිශ්‍රය ජලාශ්‍රිත ගුවන්තොටුපොළක් ලෙස භාවිත කිරීමට ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය ලැබී තිබේ.
සිනමන් එයාර් සමාගමට කොළඹ නගර මධ්‍යයේ පිහිටි ඓතිහාසික බේරේ වැව ආශ්‍රිතව ගුවන් යානා මෙහෙයුම් සිදුකිරීමට අවසර ලැබී තිබේ.
ශ්‍රී ලංකාව තුළ අභ්‍යන්තර ගුවන් ගමන් සේවා සපයන ආයතනයක් වන ‘සිනමන් එයාර්’ ආයතනය ජලයේ පාවෙන ගුවන් යානා මෙන්ම ගොඩබිම හැසිරවිය හැකි ගුවන් යානා සේවා පිළිබඳ විශේෂඥ සමාගමක් වශයෙන් කොළඹ නගරයේ හදවත බඳු බේරේ වැවේ ජලතලය, උඩුගුවන හා ඉන් ඔබ්බට යළි සම්බන්ධ කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට නියමිත බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරයි.
මේ සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා පවත්වා තිබේ.