සිවිල් ඇඳුමෙන් වාහන චෙක් කරන්න එන අයගේ හැඳුනුම්පත බලන්න – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

පොලිස් නිලධාරීන් බව කියමින් සිවිල් ඇඳුමෙන් සැරසී වාහන සෝදිසි කිරීමට පැමිණෙන පුද්ගලයන්ගේ හැඳුනුම්පත පරීක්‍ෂා කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා වාහන රියැදුරන්ගෙන් ඉල්ලීමක් කර සිටී.

සිවිල් ඇඳුමෙන් සැරසී මෙවැනි රාජකාරියේ නියැලීමට රහස් පොලිස් නිලධාරීන් මෙන් විශේෂ පොලිස් නිලධාරීන්ට නීතියෙන් හැකියාවක් ඇතත් වාහන සෝදිසි කිරීමට පැමිණෙන කවුරු හෝ පිළිබඳව සැකයක් ඇති නම් ඔහුගේ හැඳුනුම්පත පරීක්‍ෂා කිරීමට ඕනෑම රියැදුරකුට හැකි කමක් තිබෙන බවද ඒ මහතා පැවසීය.

සමහර පිටස්තර පුද්ගලයන් පොලිසියේ නම විකුණා අල්ලස් ගැනීමට හෝ වාහනවල ගමන් ගන්නා පුද්ගලයන්ගේ දේපළ පැහැර ගැනීමට ඉඩ තිබෙන නිසා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම දැනුම් දීම සිදුකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *