මාධ්‍යයෙන් පත්තර වැඩසටහන් ඉදිරිපත් කරන ඇතැම් මාධ්‍යවේදින්ට නිවැරදිව පුවත් ඉදිරිපත් කරන්නේ කෙසේදැයි කියා පංතියක් පැවැත්වීමට තමා සූදානම් බව වරාය හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාලද සිල්වා පවසයි .
ඊයේ (03වැනිදා) අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඇමතිවරයා කියා සිටියේ පත්තරවල ලියා ඇති බොහෝ කරුණු පත්තර වැඩසටහන් ඉදිරිපත් කරනු ලබන මාධ්‍යවේදින් ඔවුන්ගේ අදහස් දමා කුහක අර්ථකථන ලබාදෙමින් ඉදිරිපත් කරනු ලබන බවයි.මෙසේ වැරදි අර්ථකථන ලබාදෙමින් පුවත් ඉදිරිපත් කිරීමෙන් සිදුවන්නේ ජනතාව නොමග යැවීමක් බවද ඔහු කියා සිටියේය.මෙවැනි මාධ්‍යවේදීන්ට එම ඉදිරිපත් කිරීම් සිදුකරන්නේ කෙසේද කියා දැනගැනීමට එන්නේනම් වෙනම පංතියක් පවත්වන බවද වරාය හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාලද සිල්වා වැඩිදුරටත් මෙහිදී ප්‍රකාශ කළේය.