මීගමුව ප්‍රදේශයේ නීතිවිරෝධිව පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථාන 53ක සිදුකළ හදිසි පරික්ෂාවකදී ඒවායේ සේවය කළ කාන්තාවන් දෙදෙනෙකුට එඩ්ස් වැළදී ඇති බවට ඊයේ (27) හෙළිදරව් වීමත් කාන්තාවන් සේවය කළ සම්බාහන මධ්‍යස්ථානය පිළිබඳ දැනගැනීම සඳහා පොලිසිය වෙත දුරකථන ඇමතුම් රැසක් ලැබෙන බවට තොරතුරු වාර්තා වෙනවා.
එහි සේවය ලබාගත් පාරිභෝගිකයින් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කිරීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඔවුන් සම්බාහන මධ්‍යස්ථානට ලබා දී ඇති පෞද්ගලික තොරතුරු මත එම පුද්ගලයන් හඳුනා ගැනීමට මේ වන විට කටයුතු කරමින් ඇති බවද සඳහන්.
පොලිසිය විසින් සිදු කළ වැටලීම හරහා ඒවායේ සේවය කළ කාන්තාවන් 137 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
ඒ අතර වයස අවුරුදු 15ක බාල වයස්කාර දැරියක්ද සිටින බව සදහන්.
අත්අඩංගුවට ගත් තරුණියන් වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කිරීමෙන් අනතුරුවයි ඉන් දෙදෙනෙකුට එඩ්ස් වැලදී ඇති බවට හෙළි වී ඇත්තේ.