අන්සතු ඉඩමක පොල් ගෙඩි 20 ක් අනවසරයෙන් කැඩීමේ චෝදනාවට අධිකරණයෙන් නියම කරන ලද රුපියල් 5000 ක දඩ මුදල ගෙවීමට අපොහොසත් වීම හේතුවෙන් වසර තුනක් සිරගතව සිටි පුද්ගලයෙකු පිළිබඳව කළුතරින් වාර්තා වනවා.
මතුගම පදිංචි එම පුද්ගලයා පසුගියදා නිදහස ලබා ඇත්තේ කළුතර බන්ධනාගාරයේ සුබසාධක සංගමය මැදිහත් වී එම දඩ මුදල ගෙවීමත් සමඟයි.