කොළඹ සහ තදාසන්න නගරවල බස් රථ ධාවනයේ නිරත රියැදුරන්ගෙන් 60% ක් පමණ මත්ද්‍රව්‍ය භාවිතය සදහා දැඩි ලෙස ඇබ්බැහි වූවන් බව හදුනාගෙන ඇතැයි, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
රට තුළ මාරක රියඅනතුරුවලින් අඩකට පමණ රියැදුරන් වගකිව යුතු බව පවසන අමාත්‍යවරයා, එම රියැදුරන්ගෙන් බහුතරය මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් බවද පවසයි.
2025 වසරේ දී බිහිසුණු රිය අනතුරු 2700 ක් වාර්තා වී ඇති බව පවසන අමාත්‍යවරයා එම අනතුරු හේතුවෙන් ජීවිත 2700 ක් අහිමි වී ඇති බව ද පවසයි.