සමාගම් මැදුරේ නිළධාරීන් ව්‍යාපාරිකයින්ගේ විස්තර පටලවලා – ප්‍රබල ව්‍යාපාරිකයින් ජනපති හමුවට යන්න සූදානම් වෙයි

කොළ​ඹ පිහිටි සමාගම් සමාගම් මැදුරේ නිලධාරීන් විසින් සිදුකර ඇති බරපතල දෝෂයක් හේතුවෙන් දිවයිනේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් රැසක් දැඩි අපහසුතාවයට පත්ව සිටින බව වාර්තා වේ.

මෙම ගැටලුවට මූලිකම හේතුව වී ඇත්තේ එක් සමාගමක ලියාපදිංචි නාමයන් සහ විස්තර තවත් සමාගමක ලියාපදිංචි අංක සමඟ පටලවා දත්ත පද්ධතියට ඇතුළත් කර තිබීමයි. මෙම දත්ත පටලැවිල්ල හේතුවෙන් ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාමේදී තාක්ෂණික හා නීතිමය ගැටලු රැසක් මතු වී ඇති බව ව්‍යාපාරික ප්‍රජාව පෙන්වා දෙති.

මෙම දෝෂ නිවැරදි කරන ලෙස සමාගම් විසින් අදාළ නිලධාරීන්ට දැනුම් දී තිබුණද, මේ දක්වාත් ඒවා නිවැරදි කිරීමට නිලධාරීන් පියවර ගෙන නොමැත.

සමාගම් මැදුර මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයක් වන අතර, පවතින අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් පැමිණිලි කිරීමට ව්‍යාපාරිකයින් පිරිසක් තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *