කොළඹ නගර සීමා බල ප්‍රදේශය තුළ දන්සල් පවත්වන්නේ නම් මැයි මස 22වන බදාදාට පෙර ලියාපදිංචි වන්නැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක සමන්ත කුමාර සියලුම දන්සල් සංවිධායකවරුන්ට දැනුම් දී සිටියි.
කොළඹ මහ නගර සභාවට හෝ කොළඹ නගර සීමා බල ප්‍රදේශය තුළ පවතින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත ගොස් ලියාපදිංචි විය හැකි බව ඔහු පවසා සිටියි.
මේ අනුව මරදාන, නාරාහේන්පිට, වැල්ලවත්ත, බොරැල්ල , නව බසාර්, සහ ජිත්තුපිටිය යන ස්ථානයන්හි පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයන් වෙත හෝ කොළඹ මහ නගර සභාව වෙත පැමිණ අදාල ලියාපදිංචිය ලබා ගත හැකි බව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සදහන් කරයි.
මේ වන විට කොළඹ මහ නගර සීමා බල ප්‍රදේශය තුළ දන්සල් 25ක් ලියාපදිංචි වී ඇති අතර මෙය පසුගිය වසරට සාපේක්ෂව අඩු අගයක් බවත් මේ අතර බත් දන්සැල් ලියාපදිංචිය සිදුව ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක් පමණක් බවත් මහජන සෞඛය පරික්ෂකවරයා පෙන්වාදේ.