හලාවත බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියක් කොටුව දුම්රිය ස්ථානයේදී අනතුරට ලක්ව ඇත.
දුම්රිය පළමුවන වේදිකාව වෙත ගමන් කිරීමේදී එහි නිමාවේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර දුම්රියේ ඉදිරි කොටසට සහ වේදිකාවේ කොටසකට හානි සිදුව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව මට්ටමින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.