කොළඹ,රත්නපුර,ගම්පහ ඇතුළු ප්‍රදේශ රැසකට හෙට උෂ්ණත්වය දැඩි ලෙස ඉහළට

හෙට (20) දිනය පුරා දිවයිනේ පළාත් රැසක ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

ඒ අනුව වයඹ, උතුරු-මැද, නැගෙනහිර පළාත්වල සහ මන්නාරම, වවුනියාව, මුලතිව්, මොණරාගල, හම්බන්තොට, රත්නපුර, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට අදාළව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *