හිටපු වියළි කලාප ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාරට අධිචෝදනා ගොනු කරයි

අල්ලස් කොමිසම විසින් හිටපු ඇමතිනී චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇත.

ඒ ඇය ඇමති ධුරය දරන කාලයේ නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකර වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධූරයට අයෙක් පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානූකූල නොවන ආකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා බලපෑම් කිරීම සම්බන්ධයෙන් චෝදනා කරමිනි.

අල්ලස් පනත යටතේ දූෂණය නැමැති වරද සිදුකළේ යැයි චෝදනා යටතේ ගොනු කර ඇති මෙම නඩුව සදහා සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 08 දෙනකු නම් කර ඇති අතර නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 25ක් ද ඉදිරිපත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *