කොළඹ නගර සභාවේ බලය අපි පිහිටුවනවා – ඇමති නලින්ද ජයතිස්ස කියයි

කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා අයිතිය ඇත්තේ ජාතික ජන බලවේගයට බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

එ් අනුව කොළඹ නගර සභාවේ බලය පිහිටුවීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

සමගි ජන බලවේගයෙන් නගරාධිපති ධුරයට තරඟ වැදි අපේක්ෂකයාගේ කොට්ඨාසයද පරාජයට පත් වී ඇති බවත් ඒ මහතා පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ අද කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු විමසූ ප්‍රශ්න වලට පිළිතුරු ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *