මින් ඉදිරියට කොළඹ මහ නගර සභා බල ප්රදේශය ඇතුළත මෘත දේහයන් ආදාහනය කිරීම සදහා ගාස්තු අය නොකිරීමට කොළඹ මහ නගර සභාව තිරණය කොට තිබේ.
ඒ අනුව දේහයක් ආදාහනය කිරීම සඳහා මෙතෙක් අය කරන ලද ගාස්තුව වන රුපියල් දහදාහක මුදල සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කොට තිබේ.
මෙවර අයවැය යෝජනා මගින් ඒ සම්බන්ධයෙන් යෝජනා වී තිබූ අතර පෙරේදා (10 වැනිදා) පැවැති මහා සභා රැස්වීමේදී පුරපතිනි ව්රායි කැලි බල්තසාර් විසින් මේ බව දන්වා සිටියාය. ඒ අනුව ඉස්ලාම් ආගමික දේහයන් භුමදානය කිරීම සඳහා අය කරන ලද රුපියල් හත් දහස් පන්සීයක ගාස්තුවද අහෝසි කර තිබේ. මින් ඉදිරියට කොළඹ මහ නගර සභා බල ප්රදේශයේ ජනතාවට නොමිලේ දේහයන් ආදාහනය කිරීමේ අවස්ථාව සැලසෙනු ඇත.