මාස හතරක් තුළ කොළඹ වරාය නගරයට ඩොලර් මිලියන 900 ක ආයෝජන එයි

2025 වසරේ නොවැම්බර් මාසයේ සිට 2026 වසරේ මාර්තු දක්වා වූ කාලය තුළ කොළඹ වරාය නගරයට ඩොලර් මිලියන නමසියයක ආයෝජන පැමිණ තිබෙන බව කොළඹ වරාය නගර නියෝජ්‍ය කලමණාකාර අධ්‍යක්ෂ තුල්සි අලුවිහාරේ පවසයි.

රට ත-ුළ ආර්ථික ස්ථායීතාවයක් ඇතිව තිබීම ආයෝජන ආකර්ශනයට හේතුව බව වැඩි දුරටත් ඔහු පවසා තිබුණි.

කොළඹ වරාය නගරය තුළ ආයෝජනය කිරීම සදහා මේ වන විට සමාගම් දෙසීයක් පමණ ඉදිරිපත්ව ඇති අතර, ඉන් අඩකට ආසන්න ප්‍රමාණයක් තොරතුරු තාක්ෂණයට සම්බන්ධ සේවා සපයන සමාගම් බව පැවසේ. 30% ක් පමණ මූල්‍ය සේවා, සේවා සහ වෙළදාමට අදාල සමාගම් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *