ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වය යටතේ මහාමාර්ග අමාත්‍යංශයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවා යෝජකත්වයෙන් කොළඹ වරාය ප්‍රවේශ මාර්ගයේ ඉදිකිරීම් අඛන්ඩව ඉදිරියට යමින් ඇත !!!
2019 ජනවාරි 17 වන දින මීට අදාල ණය ගිවිසුම අත්සන් කළ අතර, 2019 සැප්තැම්බර් මස 10 වන දින මීට අදාල කොන්ත්‍රාත් ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව 2019 සැප්තැම්බර් මස 27 වන දින වැඩ ආරම්භ කෙරිණ….!
2022 වසරේදී මෙහි වැඩ නිම කිරීමට සැලසුම් කර තිබුණද රට තුල පැණනැගුණු ආර්ථික අර්බුදය හේතුවෙන් අපේක්‍ෂිත ඉලක්ක සපුරා ගැනීමට නොහැකි විය…!
මෙහි මුල් කොන්ත්‍රාත් මුදල රුපියල් මිලියන 28,002.22 ක් වූ අතර රුපියල අවප්‍රමාණය වීමත් වරාය අභ්‍යන්තර මාර්ග සැලසුම් කිරීමත් පෙර අවස්ථාවේ සම්පූර්ණ ව්‍යාපෘතිය ඇස්තමේන්තුගත නොකර තිබීමත් නිසා වර්තමානයේ සංශෝධිත කොන්ත්‍රාත් මුදල රුපියල් මිලියන 68,000.00 ක් ලෙස ගණන් බලා ඇත…!
මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිවන වරාය ප්‍රවේශ උසස් මාර්ගයේ දිග කිලෝ මීටර් 5.27 ක් වන අතර, වරාය ප්‍රවේශ මාර්ගය සහ වරාය අභ්‍යන්තර මාර්ගය ඉදිකිරීමේ දිග කිලෝමීටර් 4.14 කි. මීටර් 3.5 බැගින් වූ මංතීරු හතරකින් යුක්තව මාර්ගය ඉදිකෙරේ.
අධිවේගී මාර්ග පිවිසුම් 1, 2, 3 සහ 4 වශයෙන් අන්තර් හුවමාරු හතරකින් මාර්ග පද්ධතිය සමන්විත වන අතර අධිවේගී මාර්ග පිවිසුම් එකෙ හි ඇතුල්වීම සහ පිටවීම අලුත් මාවත මගින් ද අධිවේගී මාර්ග පිවිසුම් 2 හි ඇතුල්වීම විමලධර්ම වටරවුමෙන් ද පිටවීම අබ්දුල් කාදර් මාවතෙන් ද වේ…! අධිවේගි මාර්ග පිවිසුම් 3 හි ඇතුල්වීම සහ පිටවීම වරාය හරහා වන අතර අධිවේගි මාර්ග පිවිසුම් 4 හි ඇතුල්වීම සහ පිටවීම ගාලුමුවදොර වරාය නගරය වේ.
මෙම සංවර්ධන ව්‍යාපෘතියේ වත්මන් තත්වය පිළිබදව නිරීක්ෂණය සඳහා අද එම ස්ථානයට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක අමාත්‍යවරයා පැමිණ සිටියේ ය…!