කොළඹ වරාය 2025 පළමු මාස 08කදී රුපියල් බිලියන 32.2ක ශුද්ධ ලාභයක් (බදු පසු ලාභය) උපයා ගැනීමට සමත්ව තිබේ. 2024 වසරේ පළමු මාස 08 තුළ උපයා ඇති ශුද්ධ ලාභය රුපියල් බිලියන 18.9ක් වන අතර ඊට සාපේක්ෂව 2025 වසරේ ශුද්ධ ලාභය බිලියන 13ක වැඩි වීමක් සිදුව ඇත. එය ප්‍රතිශතයක් ලෙස 71%ක වර්ධනයකි.
2025 පළමු මාස 08 තුළ ඇස්තමේන්තුගත ලාභය රුපියල් බිලියන 21ක් පමණ වන බවත් ඇස්තමේන්තු ගත ඉලක්කය ඉක්මවා වැඩිපුර රුපියල් බිලියන 11ක් ඉක්මවීමට සමත්ව ඇති බවත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. අඛණ්ඩ සංවර්ධන ව්‍යාපෘති සහ සේවාව කාර්යක්ෂම කිරීමේ ප්‍රතිඵලයක් ලෙස බහලුම් හැසිරවීම 2024 පළමු මාස 08ට සාපේක්ෂව 6%ක පමණ වර්ධනයක් පෙන්නුම් කරයි.