අලුත්වැඩියා කටයුත්තක් සඳහා පසුගියදා කොළඹ වරායට පැමිණි ඉන්දීය සමාගමකට අයත් නෞකාවකින් තෙල් කාන්දුවීමක් සිදු වී ඇති බවට අනාවරණය වී තිබෙනවා.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් ඒ සම්බන්ධයෙන් සිදු කළ විශේෂ විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ එම නෞකාවෙන් හයිඩ්‍රොලික් තෙල් කාන්දුවීමක් සිදුව ඇති බවයි.
කෙසේ නමුත් අදාළ නෞකාව සිය භාරයට ගෙන ඇති බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන්නේ.
අදාළ නෞකාව අයත් සමාගම ද එම වරද පිළිගෙන ඇති අතර එහි කපිතාන්වරයාට රටින් පිටුවීම වළක්වාලමින් විදෙස් ගමන් තහනමක් පැනවීමට
ද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව අදාළ ඉන්දීය සමාගමට මේ සම්බන්ධයෙන් රුපියල් මිලියන 15ක වන්දියක් ගෙවීමට නියම කර ඇති බවද සඳහන්.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය නිලධාරියෙකු සඳහන් කර සිටියේ එම වන්දි මුදල අද දවස තුළ ගෙවා දමන බවට අදාළ සමාගම පැවසූ බවයි.