කොටුව දුම්රිය ස්ථානයට මහල් තුනක නව ගොඩනැගිල්ලක් – නව දුම්රිය වේදිකාවකුත් හදන්න තීන්දු කරයි

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ජාත්‍යන්තර මට්ටමේ දුම්රිය ස්ථානයක් බවට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව මගීන්ගේ පහසුව සැලසීම කෙරෙහි වැඩි අවදානය යොමු වී තිබෙන බවයි සඳහන් වන්නේ .

කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ කටයුතු මේ වසර අවසානයේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී  ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කළා.

ඊට අදාළ මුදල් ද රජය වෙන් කර තිබෙනවා.

මගීන්ට මෙම දුම්රිය ස්ථානයට ඇතුලුවීමට ගුවන් ප්‍රවේශ මාර්ග , මහල් තුනක අලුත් ගොඩනැගිල්ලක් හා නව දුම්රිය වේදිකාවක් සැකසීමට ද මේ අනුව සැලසුම් කර තිබෙනවා.

තවත් බොහෝ ක්‍රියාකාරකම් මෙම සැලැස්මට ඇතුලත් බවයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා කියා සිටින්නේ.

මේ අතර සංචාරක කර්මාන්තය වෙනුවෙන් ද දුම්රිය සේවාව වැඩිවශයෙන් යොදා ගන්නා බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *