ඉරාන ජනාධිපතිවරයාගේ මෙරට සංචාරය හේතුවෙන් කොළඹ සහ දකුණේ ප්‍රදේශ කිහිපයක අද දිනයේ විශේෂ ආරක්ෂාවක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා.
ඔහු සඳහන් කළේ පොලිසියට අමතරව ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරින්, යුද්ධ හමුදා බුද්ධි නිලධාරින් සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ද මෙම ආරක්ෂක වැඩපිළිවෙලට එක්වෙන බවයි.
ඉරාන ජනාධිපතිවරයා මෙරටට පැමිණෙන්නේ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන්. එබැවින් උදෑසන 09යි 30 සිට එහි මාර්ග කිහිපයක් තාවකාලිකව වසා තැබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ.