කොළඹ තරු පහේ හෝටල් කාමරයකදී කෝටිපති ව්‍යාපාරිකයෙක් සේවිකාවක් එක්ක කරපු විශේෂ සාකච්ඡාව ඛේදවාචකයක් වෙයි

ජීවිතේ ප්‍රශ්න එන්නේ අපිට කල් තියා දැනුම් දීලා නෙමෙයි… ජීවත් වෙන්න වෙර දරන ජීවිතේ ගැටගහගන්න කරන අරගලයත් එක්ක ඔට්ටු වෙන තරුණියකට මුහුණදෙන්න වුණේ හිතාගන්න බැරි දෙයක්.. ඒ ඛේදවාචකයට ඇය මුහුණදෙන්නේ ඇය සේවය කරන ආයතනයේ හිමිකරු නිසා…

කොළඹ ප්‍රදේශයේ පිහිටි ශිෂ්‍ය වීසා මත තරුණ තරුණියන් වැඩිදුර අධ්‍යාපනය සඳහා යුරෝපා රටවලට යැවීමේ ආයතනයක් පවත්වාගෙන ගිය කෝටිපති ව්‍යාපාරිකයෙක් තරුණියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් පසුගියදා (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස දූෂණයට ලක්ව ඇත්තේ එම ආයතනයේ සේවය කරන තරුණියක් වන අතර කොළඹ තරු පහේ හෝටලයක ආයතනය විසින් සංවිධානය කරන ලද විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බැවින්, එයට පැමිණෙන ලෙස සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා මෙම තරුණියට ද දැනුම්දී ඇති බවයි වාර්තා වෙන්නේ.

සැකකරු එම හෝටලයේ රැස්වීම් ශාලාවක් කල් තියා වෙන් කරගෙන තිබී ඇති අතර, තරුණ සේවිකාව එම ශාලාවට ගිය අවස්ථාවේ දොර වසා, ඇය දූෂණය කර තිබෙනවා.

තරුණිය මේ පිළිබඳව පොලිස් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කොට්ඨාසයට පැමිණිලි කර ඇති අතර ඒ අනුව කෝටිපති ව්‍යාපාරිකයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *