අයවැයෙන් පසුව ඉතිහාසයේ පළමුවරට කොටස් වෙළදපොළ ඒකක 25,000 ඉක්මවා යයි – පිරිවැටුප බිලියන 7.5ක්

අද (10) කොළඹ කොටස් වෙළෙඳපොළ තවත් ඓතිහාසික සංධිස්ථානයක් පසු කරමින් දිනයේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,500 සීමාව පසු කිරීමට සමත්ව තිබුණි.

එහි දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 164.34කින් ඉහළ ගොස් ඒකක 23,502.59ක් ලෙසින් සටහන් විය.

මේ අතර දිනයේ ගනුදෙනු අවසානයේ S&P SL 20 මිල දර්ශකය ඒකක 118.57කින් ඉහළ ගොස් ඒකක 6,500.04ක් ලෙසින් සටහන් විය.

අද සමාගම් 112ක කොටස් මිල ගණන් සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ධනාත්මක දායකත්වයක් ලබා දී තිබූ අතර සමාගම් 117කින් ඒ සඳහා ලැබී තිබුනේ සෘණාත්මක දායකත්වයකි.

එහි දී HNB, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, NDB සහ ඩයලොග් ආසියාටා යන සමාගම් සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ඉහළ ධනාත්මක දායකත්වයක් ලබා දී තිබුණි.

අද ගනුදෙනු පිරිවැටුම දැක්වුනේ රු. බිලියන 7.51ක් ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *