සිය පුත්‍රයාගේ වාහනය වැදී කොළඹ සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරිය මිය යයි

කොහුවල, සුමනාරාම මාර්ගයේ පිහිටි සිය නිවසේදී සිදුවූ අනතුරකින් කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ජානකී ජයවර්ධන මහත්මිය අභාවප්‍රාප්තවී තිබේ.

පොලිසිය පැවසුවේ, සිය පුත්‍රයාට අයත් මෝටර් රථය පන ගැන්වීමට පනගැන්වීමට නොහැකිවීම හේතුවෙන් එහි ඉදිරිපස රෝදයට තබා තිබූ ගලක් ඉවත් කිරීමට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරිය හා පුත්‍රයාගේ බිරිඳ ඊයේ දහවල් උත්සාහ කර ඇති බවයි.

බෑවුම් සහිත ස්ථානයක නතර කර තිබූ රථය එම අවස්ථාවේ ඉදිරියට ගමන් කර ඇති අතර එහිදී ඇය ඊට යටවී තිබේ.

බරපතල තුවාල ලැබූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරිය කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.

59 ආචාර්ය ජානකී ජයවර්ධන මහත්මිය කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියකි.

ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ අධ්‍යයන රැසක් සිදුකර ඇති ජානකී ජයවර්ධන මහත්මිය සිය ආචාර්ය උපාධිය ලබාගත්තේ එක්සත් රාජධානියේ යෝර්ක් විශ්ව විද්‍යාලයෙන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *