කොළඹ නගරයේ වෙසක් සිරි නැරුඹීමට පැමිණෙන මගී ජනතාවගේ පහසුව උදෙසා රාත්රී කාලයේ අමතර පෞද්ගලික බස්රථ 200ක් අද (23 වැනිදා) සිට ලබන 27 වැනිදා දක්වා යොදවන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ සභාපති ඕ.ඩබ්. ප්රසන්න සංජීව මහතා ඊයේ (22 වැනිදා) පැවැසීය.