කලර් ලයිට් ළඟ යාචකයන් ඉවත් කරන්න මෙහෙයුම් අරඹයි

විවිධ ස්ථානවල මෙන්ම මාර්ග හා විදුලි මාර්ග සංඥා අසල හිඟමන් යදින යාචකයන් ඉවත් කිරීමේ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පැවසීය.

මෙම යාචකයන් මෙන්ම වෙළෙඳුන්ගේ මෙම හැසිරීම නිසා නගරවල රථවාහන ගමනා ගමනයට පවා බාධා එල්ල වී තිබෙන බව පොලිසිය කියයි.

පොලිස්පතිවරයා මේ පිළිබඳව සියලුම පොලිස් ස්ථානවලට චක්‍ර ලේඛයක් නිකුත් කර ඇත. එම ස්ථානවල රාජකාරි කරන ඇතැම් පොලිස් නිලධාරීන් පවා යාචකයන්ගේ සහ මෙම වෙළෙඳුන්ගේ හැසිරීම් රටාව සැලකිලිමත් නොවන බවද එම චක්‍රලේඛයේ සඳහන් කර ඇත. ඇතැම් යාචකයන් කුඩා දරුවන්ට මත්ද්‍රව්‍ය පොවා එම දරුවන් වඩාගෙන ජනතාවගේ අනුකම්පාව දිනාගැනීම සඳහා හිඟමන් යදැන බවද පොලිසිය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *