මැදපෙරදිග කලාපයේ පවතින අස්ථාවරත්වය හමුවේ, ආරක්ෂිත සහ සාමකාමී ආයෝජන කලාපයක් ලෙස කොළඹ වරාය නගරය (Port City Colombo) රුසියානු ආයෝජකයින්ට විවෘත කරන බව ශ්‍රී ලංකා රජය පවසයි.
මේ සම්බන්ධයෙන් වන තීරණාත්මක සාකච්ඡා සඳහා රුසියානු නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයා මේ සතියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.