වර්ණ රාත්‍රියේ දී, තමන්ට ලබා දීමට නියමිතව තිබුණු සම්මානය, අසාධාරණ ලෙස, වෙනත් ශිෂ්‍යාවකට ලබා දීම සම්බන්ධයෙන්, සිරිමැවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ දියණියක විසින් ප්‍රකාශ කර තිබුණු විරෝධය, මේ වන විටත් සමාජ මාධ්‍යය ඔස්සේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.
මේ සම්බන්ධයෙන් එම විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, අදාල සිදුවීම සම්බන්ධයෙන්, ක්‍රීඩා විශේෂඥයන්ගේ මණ්ඩලයකින් සාධාරණ, අපක්ෂපාතී සහ විනිවිද පෙනෙන පරීක්ෂණයක් පවත්වන ලෙස විදුහල් පරිපාලනයට යෝජනා කරන බව ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය නිවේදනය කරයි.
ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදු කළ චනිත්මා සිනලී දියණිය මෙන්ම, ඇයට ලැබීමට නියමිතව තිබුණු සම්මානයෙන් පිදුම් ලද බව කියන අනෙක් දියණියද, විදුහල් මාතාවට කීර්තියක් ගෙන දුන් දියණියන් දෙදෙනෙකු බව ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.