මෙරට 37 වැනි පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කිරීමට ජනපතිගේ යෝජනාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.
අද (12) රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදීයි මෙම අනුමැතිය හිමිව ඇත්තේ.
ජනාධිපතිවරයාගේ නිර්දේශය සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පසුගිය 7 වැනිදා රැස්වූ නමුත් එහිදී අවසාන තීරණයක් ගැනීමට නොහැකි වුණා.
නෙරපා හැරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් පසුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ජනාධිපතිවරයා විසින් එම ධූරයෙන් පසුගියදා නෙරපා හරිනු ලැබුවා.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය 1988 වසරේදී පොලිස් දෙපාර්තමේන්තුවට එක්ව තිබෙනවා.
කොස්තාපල්වරයෙකු ලෙස පොලිස් සේවයට එක්වූ ඔහු 1992 දක්වා පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ රථවාහන සහ අපරාධ කොට්ඨාසයන්හි සේවය කළා.
ඔහු 1969 පෙබරවාරි 09 වැනිදා දොඩංගොඩ ප්‍රදේශයේදී උපත ලබා තිබෙනවා.