නිතීමය ක්‍රියාමාර්ග ගැනීමේ බලය කෝප් සහ කෝපා කමිටු දෙකටම ලබා දෙන නිතී එයි

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ රජයේ ගිණුම් කාරක සභාව (කෝප් සහ කෝපා) මගින් අනාවරණය කරගනු ලබන මූල්‍ය වංචාවන් සහ දූෂණ ක්‍රියාවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවට හෝ පොලිස්පති වෙත යොමු කිරීමට හැකි වන පරිදි ස්ථාවර නියෝග සංශෝධනය කර ඇත.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 137 සංශෝධනය කරමින් නව සංශෝධන දෙකක් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඊයේ (26දා) ඇතුළත් කර තිබිණ.

ඒ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප්) අදාළ සංශෝධනය එහි සභාපති වෛi නිශාන්ත සමරවීර මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

රජයේ ගිණුම් කාරක සභාවට (කෝපා) අදාළ සංශෝධනය මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා යටතේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබිණ.

කෝප් සහ කෝපා සභාවන් වෙත ඉදිරිපත් කරනු ලබන වාර්තා මගින් හෙළිකර ගනු ලබන බරපතළ ගණයේ මූල්‍ය වංචා, දූෂණවලට එරෙහිව පොලිසියට හෝ අල්ලස් කොමිසම හෝ වෙනත් ආයතනයකට මෙතෙක් කල් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට පහසුකම් සලසා තිබුණේ නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *