කොරෝනා කාලේ ඇන්ටිජන් ගේන්න ඩොලර් මිලියන 2ක අල්ලස් ගත් වියට්නාම සෞඛ්‍ය ඇමතිව අවු.18ක් හිරේට යවයි

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළුවසෞඛ්‍ය බළධාරීන් රැසකට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට වියට්නාම රජය තීරණය කර තිබේ.

ඔවුන්ට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාව නම්, කෝවිඩ් වසංගතය සමයේ දී, කෝවිඩ් පරීක්ෂාවට අදාල පරීක්ෂණ කට්ටල ඉහළ මිලකට මිලදී ගැනී ම යි.

එකී ජාවාරමට සම්බන්ධ ව්‍යාපාරිකයන්ට එරෙහිව ද නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට වියට්නාම රජය කටයුතු කර තිබේ. ඒ අනුව මෙම වංචාවට සම්බන්ධ ව්‍යාපාරිකයාට වසර විසි නමයක සිර දඩුවමක් නියම කර තිබේ.

Nguyen Thanh Long නමැති හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට ලබා දී ඇති දඩුවම දහ අට වසරක සිරදඩුවමකි.

ඔහුට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාව වන්නේ, කොවිඩ් පරීක්ෂණ කට්ටල මිලදී ගැනීමේ ක්‍රියාවලියට මැදිහත් වී, අදාල සමාගම්වලින් ඇමරිකානු ඩොලර් මිලියන 2.2 ක අල්ලසක් ලබා ගැනීමයි.

තමන් මුදල් ලබා ගත් බව පිළිගෙන ඇති හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා, නමුත් එය අල්ලසක් නොව, තමන්ට ලැබුණු තෑගි මුදලක් බව පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *