දූෂණය නැති වෙලා ජනතාවට මොනවද ලැබුණේ – ප්‍රේමනාත් සී දොලවත්ත අහයි

වත්මන් ආණ්ඩුවට කුමක් හෝ ප්‍රශ්නයක් මතුකළ විට, ඔවුන් ලැයිස්තුවක් ඉදිරිපත් කර එය වසා දමන බවත්, නමුත් ඒ ඉදිරිපත් කළ ලැයිස්තු සියල්ල අද අසත්‍යයන් බවට ඔප්පු වී ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත පවසනවා.

තමන් පාර්ලිමේන්තුවේ සිටියදී මහා දූෂණයක් ඇති කළේ යැයි චෝදනා කළ නමුත්, දැන් දූෂණය නොමැතිව ජනතාවට ලැබී ඇති දේ මොනවාදැයි ඊයේ (25) රූපවාහිනී වැඩසටහනකට සහභාගි වෙමින් ඔහු ප්‍රශ්න කර සිටියා.

මන්ත්‍රීවරයෙක් වාහනයක් භාවිතා කිරීම මහා ලොකු දෙයක් නොවන බවත්, නමුත් තමා එලෙසවත් වාහනයක් ලබා නොගත් බවත් ඔහු පවසා සිටියා.

ආණ්ඩුවේ හොර ආචාර්ය, මහාචාර්ය උපාධිධාරීන් නිසා, නිදහස් අධ්‍යාපනයෙන් විශ්ව විද්‍යාල වරම් දිනාගත් ඔහු ඇතුළු අය මිනිසුන් විසින් ඉවත් කර දැමූ බවත්, ඒ ආචාර්ය පදවි සියල්ල බොරු බවත් ඔහු ප්‍රකාශ කරනවා.

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ජනතාවට හොඳ අවස්ථාවක් උදා වී ඇති බවත්, එය ආණ්ඩුවේ දූෂණයට එරෙහි ප්‍රතිපත්තිය පිළිබඳ ලිට්මස් පරීක්ෂාවක් බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *