මුලතිව් ළිඳකට භූමිතෙල් උනයි – ලිඳෙන් භූමිතෙල් ගැනීම තහනම් කර විමර්ශන අරඹයි

අධික වර්ෂාවට පසුව ඉඩම් හිමියා සිය ගෙවත්තේ පිහිටි ළිද  සම්පූර්ණයෙන් ඉස පිරිසිදු කිරීමෙන් පසුව ළිදට අළුතින් එකතු වෙන ජලයේ ජලය වෙණුවට භූමිතෙල් ලැබෙන්නට පටන් ගෙන තිබේ. 

මෙම ළිදේ ජලයෙන් කඩදාසියක් පොගවා ගින්නට ළං කළ විට ඉතා ක්ෂණිකව ගිනි ගන්නා නිසා ඉඩම් හිමියා මේ පිළිබදව  ග්‍රාම නිලධාරීවරයා මාර්ගයෙන් පුදුකුඩීඉරිප්පු  පොලීසිය දැනුවත් කොට තිබේ. 

පොලීසියේ නිලධාරීන් එහි ගොස් මූලික පරීක්ෂණ අරම්භ කොට ඇතත් ළිදේ ජලය වෙනුවට භූමිතෙල් ලැබෙන  ‍ක්‍රමය පිළිබදව ස්ථිර නිගමනයකට එළඹීමට නොහැකි වී ඇත. 

පොලීසිය විශ්වාස කරන්නේ කිසියම් ඉන්ධන පිරවුම් හලක භූමිතෙල් ටැංකියේ සිදුව ඇති හානියක් නිසා මෙම ළිඳට භූමිතෙල් ළගා වන බවයි. 

මේ පිළිබදව පුදුකුඩීඉරිප්පු පොලීසිය විසින් ඛණිජ තෙල් නිතිගත සස්ථාවේ ප්‍රාදේශීය කළමනකාරවරායව දැනුවත් කොට පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර ළිදෙන්  ජලය හෝ භූමිතෙල් ලබා ගැනීම අනතුරුදායක නිසා ඒවා ලබා ගැනීම තාවකාලිකව තහනම්  කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *