බිරිඳ මිරිස් කුඩු ගසා තියුණු ආයුධයකින් ඇන සිය සැමියාව ඝාතනය කරයි

වැල්ලව පොලිස් වසමේ, බලගහගම ප්‍රදේශයේ නිවසක් තුළදී බිරිඳ විසින් තියුණු ආයුධයකින් පහර දී ඊයේ (දෙසැ. 3) තම ස්වාමි පුරුෂයා ඝාතනය කරනු ලැබ ඇති බව පොලිසිය පවසයි.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 38ක් වූ බලගහගම, තල්විට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිසිය සඳහන් කළේ, ඝාතනයට ලක් වූ පුද්ගලයා බිරිඳ සමග ඇති වූ ආරවුලක් මත බිරිඳට යකඩ මුගුරකින් හා යකඩ දම්වැලකින් පහර දී ඇති බව ත් පසුව බිරිඳ විසින් මිය ගිය පුද්ගලයාගේ ඇසට මිරිස් කුඩු ගසා තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදු කරනු ලැබ ඇති බව ත් ය.

ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 36ක් වන සැකකාරිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය වැඩිදුරට ත් සඳහන් කළේ ය.

මේ පිළිබඳව වැල්ලව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *