ශ්‍රී ලංකාව තුළ ක්‍රිප්ටෝ මුදල් භාවිතය නීත්‍යානුකූල නෑ – මහ බැංකුව දැනුම් දෙයි

ශ්‍රී ලංකාවේ ‘ක්‍රිප්ටෝ මුදල්’ භාවිතය ගනුදෙනු සඳහා නීත්‍යනුකූල නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

තවමත් ක්‍රිප්ටෝ මුදල් ශ්‍රී ලංකාවේ බහුල වශයෙන් භාවිත වන බවක් දක්නට නොමැති බවත් එම මුදල් භාවිතයේ අවදානම් පවතින බවත් මහ බැංකු අධිපතිවරයා කියයි.

ක්‍රිප්ටෝ මුදල්වල මුදල් ආයෝජනය කළ අයගේ මුදල් අහිමි වී පාඩු සිදුවී ඇති බවත් ඒවායේ මුදල් යෙදවීම හරහා ඇතැම් අය වංචාවලට හසුව ඇති බවත් මහ බැංකු අධිපතිවරයා කියයි.

මේ නිසා ලංකාවේ ක්‍රිප්ටෝ මුදල් භාවිතය සම්බන්ධයෙන් මහ බැංකුවේ අදාළ අංශ අධ්‍යයනය කරමින් සිටින බවද මහ බැංකු අධිපතිවරයා තවදුරටත් කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *