ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (SLTB) සහ පෞද්ගලික ප්‍රවාහන අංශය සඳහා ළඟදීම කාඩ්පත්වලින් ගෙවීම් පද්ධතියක් හඳුන්වා දෙන බව ගමනාගමන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.
ඔහු මෙම ප්‍රකාශය කළේ ඊයේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හි නව සභාපතිවරයා පත් කිරීමේ සහ ඔහුව නිල වශයෙන් පිළිගැනීමේ උත්සවයකට සහභාගී වෙමින් ය.