අල්ලස් ගත්ත ලංගම ලොක්කෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගනියි

මගියකුට ප්‍රවේශ පත්‍රයක් ලබා නොදීම සම්බන්ධ ලංකා ගමනාගමන මණ්ඩලයේ කොන්දොස්තරවරයකුවිනය පරීක්ෂණයක් පවත්වා අගතියක් නොවන පරිදි  නැවත සේවය පිහිටුවීම සදහා රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ලබාගත් බව කියන ලංකා ගමනා ගමන මණ්ඩලයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ විනය නිලධාරියෙක් සහ ආරක්ෂක නිලධාරියෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (22) අතඅඩංගුවට ගනු ලැබූහ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ලංකා ගමනා ගමන මණ්්ඩලයේ නැගෙනහිර පළාත් ප්‍රාදේශීය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ විනය නිලධාරියකු සහ ආරක්ෂක නිලධාරියෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *