ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට කියුබාවේ ඉන්ධන මිල 500%කින් ඉහළට

ඊයේ මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මකවන පරිදි කියුබාවේ ඉන්ධන මිල සියයට පන්සියයකින් ඉහළ දමා ඇත.

එරට මුදල් අමාත්‍යවරයා සඳහන් කරන්නේ මේ සමගම විදුලි ගාස්තුද සියයට 25% කින් පමණ ඉහළ යනු ඇති බවයි.

කියුබාව මේ වන විට දරුණු ආර්ථික අර්බුදයකට මැදිවී සිටින අතර උද්ධමනය සියයට තිහ සීමාවේ පවතී.

ඉන්ධන හා අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක හිඟයක් කියුබාව තුළ මෙවන විට පවතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *