ආදිවාසීන්ගේ සංස්කෘතිය විකෘති කරලා – වන්නිලැත්තෝ බ්ලොක් ඇන්ඩ් ඩීනෝට නඩු පවරයි

ආදිවාසි පරපුරේ සංස්කෘතිය විකෘති කරමින් වීඩියෝ නිර්මාණයක් කර අන්තර්ජාලයට මුදා හැරී සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවසනවා.

මාධ්‍යයට අදහස් දැක්වෙමින් ඔහු පැවසුවේ, ආදිවාසි සංස්කෘතියට නිඟාවන අයුරින් ව්‍යාපාරික අරමුණු කරගෙන මුදල් ඉපයීමේ අරමුණ ඇතිව මෙම වීඩියෝව නිර්මාණය කර ඇති බවයි.

මෙම වීඩියෝ නිර්මාණය කළ තැනැත්තන්ට දුරකථනයෙන් අමතා මේ සම්බන්ධයෙන් දැනුවත් කළ බවත් ඔවුන් ඒ පිළිබඳව කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටීම හේතුවෙන් ආදිවාසී පරපුර පිළිබඳ සමාජයේ පවතින ගෞරවය කෙලෙසෙන බවත් ඌරුවරිගේ වන්නිල ඇත්තන් එහිදී කියා සිටියා.

ආදිවාසී භාෂාවද විකෘති කරමින් නිර්මාණය කර ඇති මෙම වීඩියෝපටයට එරෙහිව මෙලෙස නීතිමය පියවර ගන්නා බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් වැඩිදුරටත් පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *